මුතුහෙට්ටිගම පොලීසියෙන් 3ක් පැහැරගෙන

null

වදුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙහිදී එම සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට භාර දීම ගැන වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි යළි පොලීසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තුන්දෙනා මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න ඊයේ (19) නියෝග කර තිබේ. එසේම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකළහොත් තමා ද රිමාන්ඞ් වන බවට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සිදුකළ ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වනවාදැයි සොයා බලා ඒ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>