මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

null

ගම්පහ – ගනේමුල්ල ප‍්‍රදේශයේදී අගරු චෙක්පත් ලබාදී රුපියල් 11,27,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඹු – සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අදාළ අඹු සැමි යුවළ ප්‍රදේශයෙන් පළා ගොස් සිටිය දී ගණේමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ සිදුකළ ගනුදෙනු සඳහා මෙම අඹු – සැමි යුවළ අගරු චෙක්පත් ලබාදී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

සැකකාර පුද්ගලයා සහ කාන්තාව 50 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මොවුන් කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>