මුහුදු කොටි නායිකාවට ඇප

null

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුහුුදු කොටි අංශයේ නායිකාවක වු බුරුගේසු පහිරදි ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ඒ රුපියල් ලක්‍ෂ 02ක ශරීර ඇපයක් මතයි. ඊට අමතරව ඇයට විදෙස් ගමන් තහනම් කරන බවද සතියකට වරක් තමන් පදිංචි ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණ වාර්තා කරන්නැයි ඇයට නියම කරන බවද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය 3 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් ත්‍රස්ත මර්දන කාර්යාංශය සඳහන් කළේ සැකකාරියට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බැවින් එතෙක් ඇය ඇප මත මුදාහැරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>