මුහුදු තීරයේදී මත්වෙන්න හැදු සුද්දෝ දෙන්නා මාට්ටු

null

වැලිගම – පැලෑන මුහුදු තීරයේදී ගංජා සහ හෂීස් මත්ද්‍රව්‍ය සමඟ යුක්රේන ජාතිකයින් දෙදෙනෙකු වැලිගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

එහිදී ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 13 ක්, හසීස් ග්‍රෑම් 19 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් පෑලැන ප්‍රදේශයේ හෝටලයක නේවාසිකව සිට ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>