මුහුදේ නාන්න ගිය පස්දෙනෙක් ගසාගෙන ගිය හැටි – Video

null

වැලිගම ප්‍රදේශයේ වැලිගම මුහුදු තිරයේ ඊයේ (16) දිය නෑමට ගිය 5ස් දෙනෙකු දියඹට ගසා ගෙන ගොස් තිබේ.

ප්‍රදේශවාසීන් එක්වී ඉන් හතර දෙනෙකු ගොඩට ගෙන ඒමට සමත්වී තිබෙන අතර ඉන් එක අයෙකුද මියගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවකි.

මුහුදු රැල්ලට ගසා ගෙන ගිය තවත් පුද්ගලයෙක් අතුරුදහන්වී ඇති අතර ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව එක්ව සෙවීම් කටයුතු කරගෙන යන බව වාර්තා වේ. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මිය ගිය කාන්තාවගේ සහෝදරයායි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි සිද්ධිය ඇසින් දුටුවෙකු මෙලෙස විස්තර කර තිබේ…

“මම ගෙදර ඉඳලා එනකොට කට්ටිය කෑගහන සද්දෙට බලනකොට පස්දෙනෙක් මුහුදේ ගිලෙනවා දැක්කා. අපේ අයියලා දෙන්නෙක් ඔරුවක් අරන් ගිහින් දෙන්නෙක් ගත්තා. අනික් කට්ටිය ගන්න යනකොට එක්කෙනෙක් මග ඇරිලා ගියා. එයා ගන්නත් බැරිවුණා. හතර දෙනෙක් කොහොමහරි ගොඩට අරන් ආවා. ගොඩට ගෙනල්ලත් එක්කෙනෙක් නැතිවුණා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>