මුහුද මැද යාත්‍රාවක් ගිනිගනිද්දී ධීවරයින් බේරාගත් අයුරු

null

මීගමුවට බටහිරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වුණු බහුදින යාත්‍රාවක සිටි ධීවරයින් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් ධීවරයින් පිරිසක් සමත්ව තිබේ.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි මෙලෙස මහ මුහුද මැද ගිනිගෙන දැවුනේ දෙසැම්බර් 29 වනදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය චතුරානි 3 නමැති බහුදින ධීවර යාත්‍රාවයි.

ඔවුන් මෙම අනතුරට මුහුණදී තිබෙන්නේ මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන යළි ගොඩබිමට පැමිණෙන අතරතුරදී ය.

මීගමුවේ සිට කිලෝ මීටර් 330 ක් බටහිර දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අකුණු සැර වැදීම හේතුවෙන් තම යාත්‍රාව ගිනිගැනීමට ලක්වූ බව අදාළ ධීවරයින් පවසා ඇත. එහිදී එම ධිවරයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වී තිබුනේ තවත් ධීවරයින් පිරිසක් විසිනි.

පසුගිය සිකුරාදා එම අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිට ඇත්තේ කටුනේරිය, කටාන සහ කල්පිටිය යන ප්‍රදේශවල ධීවරයින් 7 දෙනෙක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>