මුළු රටටම Internet දෙන්න Google සමාගම ලංකාවට
ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර අද (28) උදෑසන ගිවිසුමකට අත්සන් තබා තිබේ.
ඒ අනුව LTE තාක්ෂණය සහිත අධිවේගී අන්තර්ජාල සබඳතාවකින් දිවයිනම ආවරණය කිරීමට ගූගල් කටයුතු කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ඉහලට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වෙත යෝජනා කර තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු ලෙස සැලකෙන චමත් පළිහවඩන නම් ශ්‍රී ලාංකික තරුණයායි.
අද උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල් සමාගමේ මයික් කැසිඩි අතර හමුවක් පවත්වා ඇතිඅතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.