මෙතෙක් අලෙවි වූ මිල අධිකම චිත්‍රය මෙන්න

null

ප‍්‍රංශ කලාකරුවෙකු වන ගොගෑන්ගේ චිත‍්‍රයක් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4050කට වෙන්දේසි වී තිබේ.

තහිටි දූපත්වාසී තරුණියන් දෙදෙනෙකු ගොගෑන් සිතුවමට නගා තිබුණේ 1892 වසරේදීයි. “ඔබ මාව විවාහ කරගන්නවාද” යන සිංහල අරුත් දෙන නමක් යොදා තිබේ.

මේ දක්වා ස්විස් ජාතික චිත‍්‍ර එකතු කරන්නෙකුට එය අයිති වී තිබුන අතර නිල නොලත් වාර්තා පවසන්නේ දැන් එය මිලදී ගෙන ඇත්තේ කටාර් හි කෞතුකාගාරයක් විසින් බවයි.

මෙය කලා නිර්මාණයක් සඳහා ලැබුණු වැඩිම මිල ලෙස වාර්තා පොතට එක්වන අතර මීට පෙර එම වාර්තාව වූයේ ඩොලර් මිලියන 259කට අලෙවි වූ පෝල් සෙසානේ ගේ චිත‍්‍රයක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>