මෙරටදී මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයින් නිදහස්

null

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන පසුව මරණ දඬුවම නියමවූ ඉන්දීය ධීවරයන් පස්දෙනාට නිදහස ලැබී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (19) දහවල් ඔවුන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදී තිබේ.

මිට පෙර මෙම ධිවරයින් නිදහස් කරගැනීම සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකථන සාකච්චාවක් පවා පැවැත්වුනි. එහිදී පැවසුනේ ඉන්දීය ධිවරයින් මෙරටින් ඉන්දීය සිර ගෙදරකට යවන බවයි.

කෙසේ වෙතත් අද ජනපති සමාව යටතේ ඔවුන්ට නිදහස ලබා දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>