මෙරට ගෑස් සහ තෙල් ගවේෂණයට කටාර් සහාය

null

ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගවේෂණ කටයුතු සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍ය කැමැත්ත පළකර තිබෙන බව අද පුවත් වාර්තා කරයි.

කටාරයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල්තානි මහතා ඊයේ (24දා) දිවයිනට පැමිණි අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවලින් පසුව එමීර්වරයා තෙල් ගවේෂනයට සිය කැමත්ත ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මන්නාරමේ දැනටමත් සිදුකෙරෙන කැණිම් පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී සිය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එවන බව ඒ මහතා සඳහන් කර ඇත.

උතුරු නැගෙනහිර පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා සහාය දැක්වීමට කටාර් රාජ්‍යය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ද සිය නියෝජිත පිරිසක් ඉදිරියේදි ශ්‍රී ලංකාවට එවන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කටාර් එමීර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම ශ්‍රී ලංකා නිල සංචාරය කෙටි සංචාරයක් වුවද එය ඉතා වැදගත් සංචාරයක් බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඉහළ නංවන ලෙස මෙහිදී ජනාධිපතිවරයා කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටි අතර, කටාර් රාජ්‍යයද ඒ සඳහා මහත් උනන්දුවකින් පසුවන බව පැවසූ කටාර් එමීර්වරයා ඊට අවශ්‍ය ක්‍රමවේදය ඉදිරියේදී ශක්තිමත් කරන බව පැවසීය.

මේ අතර මෙහදී තරුණ කටයුතු, ක්‍රීඩා කටයුතු සහ ජනමාධ්‍ය යන විෂයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුම් තුනක් අත්සන් කිරීම ද සිදුකර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>