මෙරට නූඩ්ල්ස් වල ඊයම් ප්‍රමාණය අඩුයි
ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති නූඩ්ල්ස් සාම්පල පරීක්ෂාවෙන් ලැබුණු වාර්තා අනුව එම ආහාර කාණ්ඩවල අඩංගු ඊයම් ප්‍රමාණය වෙනත් රටවල මෙවැනි ආහාරවල අඩංගුවිය හැකි බවට නිර්දේශ කර ඇති ඊයම් ප්‍රමාණයට සාපේක්ෂව අඩු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති විශේෂ ආහාර උපදේශක කමිටු රැස්වීමේදී මේ පිළිබඳව අනාවරණ වූ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති විවිධ ක්ෂණික නුඩ්ල්ස් වර්ග පිළිබඳවත්, ඒවායේ සම්භවය, නිෂ්පාදන ක්‍රියාවලිය සහ භාවිත කරන අමුද්‍රව්‍ය ආදිය පිළිබඳවත් සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවට ක්ෂණික නූඞ්ල්ස් ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයනය නොකරන බවත් ‘‘මොනෝ සෝඩියම් ග්ලූටමේට්’’ නම් රසායනික ද්‍රව්‍ය හැර නූඞ්ල්ස් නිෂ්පාදනය සඳහා සියලූම අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙම නිෂ්පාදනය කරන බවත් එහිදී අනාවරණ වී ඇත.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ ඇති නූඩ්ල්ස් වලින් පරීක්ෂණ සඳහා යැවූ කිසිදු නියැදියක අවම අගය වූ 0.3 mg/kg ප්‍රමාණය ඉක්මවා ගිය අගයක් වාර්තා නොවිණි.
කෙසේ වුවත් විශේෂ ආහාර උපදේශක කමිටුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සියලූම නූඞ්ල්ස් වර්ග රට තුළට ඇතුළුවීමට පෙර ඊයම්, රසදිය, ආසනික් සහ කැඞ්මියම් යන බැරලෝහ පරීක්ෂාවට ලක් කිරීමටයි. එමෙන්ම, වෙළඳපොලේ ඇති සියලූම ක්ෂණික නූඞ්ල්ස් ඛාණ්ඩවලින් සාම්පල් ලබාගෙන ඊයම් ප්‍රමාණය නිශ්චය කිරීම සඳහා පරීක්ෂාවට ලක් කිරීමට ද තීරණය කර තිබේ.
පවතින තත්ත්වය සමනය වනතුරු සියලුම නූඩ්ල්ස් වර්ග සදහා කරනු ලබන වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ නිෂ්පාදකයන්ට\ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දැනුවත් කර තිබේ.