මෙරට පිරිමි ජනගහනය අඩුවෙයි

null

මෙරට ජනගහනයෙන් කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි 93 දෙනෙකු සිටි බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

ලෝක සංඛ්‍යාන දිනය මේ මස 20 වන දාට යෙදී තිබෙන අතර ඒ පිළිබදව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ ඊයේ පැවැති අතර එම අවස්ථාවේදී එම දෙපාර්තමේන්තුව විසින් මේ බව සදහන් කර තිබේ.

මීට වසර දෙකකට පෙර මෙරට අනුපාතය පැවතියේ කාන්තාවන් 100 දෙනෙකුට පිරිමින් 98ක් ලෙසයි.

ජනගහන වර්ධනවේගයට අනුව මෙරට පිරිමි ජනගහනය අඩුවීමක් පෙන්නුම් කර තිබෙන අතර ඊට ප්‍රධානවශයෙන් බලපා ඇත්තේ බෝ නොවන රෝග මගින් පිරිමි පුද්ගලයන්ට සිදුවන බලපෑමයි. විශේෂයෙන් මත්පැන් සහ රිය අනතුරු එයට බලපාන එක් සාධකයක්.

එමෙන්ම ළමා ජනගහනය අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊට සාපේක්ෂව වැඩිහිටි ජනගහනයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සෑම පුද්ගලයන් 4 දෙනෙකුටම එක් වැඩිහිටියෙකු සිටින බව ඔවුන් සිදුකරන ලද සංගණනවලින් හෙළි වී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>