03 Feb 2016
මෙවර නිදහස් උළෙලට මහින්ද නැහැ
හෙට (04) පැවැත්වෙන 68 වන නිදහස් දින සමරු උළෙලට සහභාගි වන ලෙස තමන්ට මෙතෙක් ආරාධනාවක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ආරාධනාවක් ලැබුණ ද ඊට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය ලෙස පොදු තීරණයකට පැමිණ ඇති බවයි.