මේක යහපාලනය නෙමෙයි – ජනතා අපේක්‍ෂා බිඳ දැමීමක්

null

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර ලබාදීම දූෂිතයින් රැකීමට ගත් උත්සහයක් දැයි ජනතා විමුක්ති පෙරමුණ සැකපළ කරයි.

එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසා ඇත්තේ මෙය යහපාලනයක් නොව ජනවරමට පයින් ගසමින් දින සියය ගතවන්නට පෙර ආණ්‌ඩුව ජනතා අපේක්‍ෂා බිඳ දැමුවා යනුවෙනි.

“මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවාරි 08 වැනිදා ජනවරමක්‌ දුන්නේ මේ වගේ ආණ්‌ඩුවක්‌ පත්කරන්න නොවේ. ජනතාව වරමක්‌ දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට සහ පසුගිය ආණ්‌ඩුවේ හොරුන්ට දඬුවම් දෙන්නයි. දැන් හොරුන්, දූෂිතයන්, වංචාකාරයන් ආරක්‍ෂා කරනවා.

අනෙක්‌ පැත්තෙන් කිව්වා විද්‍යාත්මක පදනම මත ඇමැතිවරු පත් කරනවා කියලා. මුලදී ඇමැතිකම් දුන්නෙත් එවැනි පදනමකට නොවේ. දැන් ඇමැතිවරු ආයෙත් පැටව් ගහන්න පටන් අරන්. පසුගිය රාජපක්‍ෂ පාලනය කළෙත් මේ වැඩේම තමයි. ඒ අයත් දිගින් දිගටම ඇමැතිවරු වැඩි කළා. අද වෙන්නෙත් ඒ දේම තමයි. දින සීය යන්න කලින්ම ජනතා බලාපොරොත්තු බිඳවැටුණා. මේ ආණ්‌ඩුව දින සියයේ පොරොන්දු හරියට ඉටු කළේ නෑ. දවස්‌ හැත්තෑදෙකක්‌ යද්දී වූ එකම දේ තමයි ඇමැති මණ්‌ඩලය වැඩි කිරීම. මේක රටට, ජනතාවට බරක්‌. යහපාලනය මේක නොවෙයි. මෙය රාජපක්‍ෂ කළ දේ ඒ විදිහටම කිරීමක්‌. මීට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි. මේ ආණ්‌ඩුව ජනවරමට පයින් ගහලා.”

ඔහු නෙත් නිව්ස් වෙත මෙසේද අදහස් දක්වා තිබේ…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>