මේජර් ජානක ඝාතකයා 20 වසරක් හිරේට

janakaperera

හිටපු තානාපතිවරයෙකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයාද වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකින් ඝාතනය කෙරුණේ පසුගිය 2008 වසරේ ඔක්තොබර් මස 6 වන දිනය.

එම සිද්ධියේ නඩු විභාගය අද (5) පැවැත්වූ අතර, ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කර තවත් 18 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළැයි නඩුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමේ අංශයේ හිටපු කර්නල්වරයෙකු වූ සම්මුගනාදන් සුදාහරන්ට වසර 20ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කෙරිණ.

මෙම අපරාධයට අධාර අනුබල දීමේ වරදට වසර දහයක්ද කුමන්ත‍්‍රණය කිරීමේ වරදට වසර දහයක්ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කර ඇත.

නඩු තීන්දුව ලබා දෙන අවස්ථාවේ අනුරාධපුර මහාධිකරණයට සහ අවට ආයුධ සන්නද්ධ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබී ඇත.

නඩුවේ පළමු වැනි විත්තිකරුට එරෙහි නඩුව ලබන තුන් වැනි දා කැඳවීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>