28 Feb 2015
මේ රජයෙන් නෝනලයි දරුවොයි පරිස්සම් කරගත යුතුයි
දේශපාලනඥයින් විතරක් නොව ඔවුන්ගේ නෝනලාද දරුවන්ද මේ රජයෙන් පරිස්සම් කරගත යුතුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වෛරක්කාරි දේශපාලනය අවසන් කළ යුතු බවත්, තමන් එවැනි දේශපාලනයක් සිදු නොකළ බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ශෂි වීරවංශ මහත්මියගේ සුව දුක් විමසා බැලීම සඳහා ඊයේ (27) කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට පැමිණ පිටත්වන අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.
“දේශපාලඥයන් විතරක් නෙමෙයි ඔවුන්ගේ නෝනලා හා දරුවනුත් මේ රජයෙන් පරිස්සම් කරගන්න සිදුවෙලා තියෙනවා. මේක හොඳ නැ. මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන. මම කළේ නෑ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ.” යැයි හෙතෙම පැවැසීය.
එමෙන්ම මඩ ප්‍රහාර දියත් කොට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කොට මෙලෙස කටයුතු කිරීම කනගාටුදායක බවද එතුමා අවධාරණය කළේය.