මෛත්‍රීගේ ජීවිතය අවදානම් බවට හෙළිදරව්වක්

null

ඉදිරි දින කිහිපය තුළ තමන්ගේත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජීවිත පිළිබඳව අවධානමක් පවතින බව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

පොළොන්නරුව බකමූණ නගරයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදී ජීවිත තර්ජන එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි.

අද නිව්ස් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ පවසා ඇත.

“මේවා සෙල්ලමකට ගන්න එපා. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන කරන්නේ. ඉදිරි දින කිහිපය මගෙත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකාගේත් ජීවිත පිළිබඳව බරපතල අර්බූධයක් තිබෙනවා. ආණ්ඩුව පරදින හින්දා, මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යන හින්දා, අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කරගන්න කියලා. නමුත් අපි ජීවිත ආසාව අත්හැරලා මෙනතට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ජනතාව ඉදිරියේදී මුලු රටට ඇහෙන්න මම කියනවා. අපි ඒවාට මූණ දීලා පස්සට යන්නේ නෑ. අපි පැහැදිලිවම ජයග්‍රහණය කරනවා. අපේ මලකදන් මතින් මහින්ද රාජපක්ෂ මහත්තයාට දිනන්න පුළුවන් කමක් නෑ.”

එම වීඩියෝව පහතින්.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා ඇත්තේ විපක්ෂය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ අසත්‍යය චෝදනා සිදුකරමින් සිටින බවයි. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාගෙන් ඉල්ලිමක් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>