මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකියි

null

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ විහාර මහාදෙවි රංග පිඨයේදී එළිදැක්වුනි.

වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්ෂේත‍්‍ර රැසක ගැටළු හා අර්බුධ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කෙරුණු අතර ප්‍රධාන කරුණු 11 ක් ඔස්සේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්තිය ජනතාවට ඉදිරිපත් කළේය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සාරාංශ කරුණු කිහිපයක් පහතින්.

  • විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම
  • ඇමති මණ්ඩලයට විද්‍යාත්මක පදනමක් සැකසීම
  • පොලිසිය හා රාජ්‍ය සේවය නිර්දේශපාලනික කිරීම
  • මෙගා ව්‍යාපෘති හොරුන් අල්ලා ද~ුවම් කිරීම
  • අත්‍යවශ්‍ය ආහාර 10ක බදු අඩු කිරීම
  • සමාද්ධි ආධාර මුදල දෙගුණ කිරීම
  • රජයේ සේවක වැටුප මුලින් රු. 5000 කිනුත් පසුව 10000 කිනුත් වැඩි කිරීම
  • විශ්‍රාම වැටුප රු 3500 කින් වැඩිකිරීම
  • කුඩු එතනෝල් ජාවාරම් කරුවන් ප්‍රසිද්ධියේ අල්ලා ද~ුවම්දීම
  • අසාධාරණ කැසිනෝ බලපත්‍ර අවලංගු කිරීම
  • දළදා මාලිගා අසළ සුරාසැල් රේස් නැති කිරීම
  • කලාකරුවන් අගය කිරීම හා සහන දීම
  • ගොවි ණය සියයට 50 කින් කපාහැරීම
  • රෝහල් සැත්කම් පෝලීම් කඩිනම් කර ඔපීඩී රෑ 10 තෙක් ඇරීම
  • දරු උපත් සඳහා රුපියල් 20000 ක දීමනාවක් දීම
  • පාසල් දරුවන් ඇතුළත් කිරීමේ ගැටලූවට අලූත් විසඳුමක්
  • ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය රටේ පොදු ප්‍රතිපත්තියට සැකසීම
  • මහපොළ 5000 කින් වැඩි කෙරේ
  • උසස්පෙළ සමතුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩසටහන්
  • විදේශ සේවාවේ අසාධාරණය දින සියයකින් සැකසීම
  • විදේශගත සේවා නියුතුවූවන්ට විශ්‍රාම වැටුපක් හා බැංකු සහන
  • රජයේ සේවයේ පත්වීම් ස්ථීර කිරීම හා පහසුකම්
  • රජයේ සේවක මෝටර් සයිකල් ණය කපා හැරේ
  • ලංකාවේ ධනය කොල්ලකෑ අය ගැන විමර්ශන
  • ආරක්ෂක අංශ බැලමෙහෙවරකම් නතර කෙරේ
  • සරත් ෆොන්සේකාට ශිරානි බණ්ඩාරනායකට සාධාරණය
  • ඉන්ධන බදු ඉවත් කිරීම
  • බදු නොගෙවා ගෙන්වූ රේසින් කාර්වල බදු අයකරගැනීම
  • ජනමාධ්‍ය නිදහස ස්ථාපිත කිරීම
  • සෑම නගරයකම නොමිලේ අන්තර්ජාල කලාප ඇති කිරීම

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>