මෛත්‍රීගේ ප්‍රථම රැළිය අද

null

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ප‍්‍රථම මහජන රැළිය අද පැවැත්වීමට නියමිතය. ඒ පොළොන්නරුව – කදුරුවෙල නගරයේදී ය.

මෙම සමාරම්භක ජන රැළියට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂවල දේශපාලනඥයින් රැසක් සහභාගි වීමට නියමිතයි.

සුපිරිසිදු නායකත්වයක්, මෛතී‍්‍ර පාලනයක් යන්න තේමා කරගනිමින් මෙම ජනරැළිය පැවැත්වෙන බව වාර්තා වේ.

මේ අතර පොදු විපක්‍ෂයේ ගිවිසුමට අත්සන් තැබීම හෙට දිනයේ සිදුකිරීමට නියමිත අතර ජාතික හෙළ උරුමය සහ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ද හෙට දිනයේ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>