මෛත්‍රීගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සූදානම්

null

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26) විශේෂ හමුවක් පැවැත්වුනි. එයට පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ, එම පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා නියෝජනය කරන මන්තී‍්‍රවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන් සහභාගී වී තිබේ.

මෙහිදි අදහස් දක්වමින් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙම සතියේදී එළි දක්වන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් තම ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ජනතාවට අවබෝධ වනු ඇති බවයි.

අද පුවත්පත වාර්තා කරන්නේ දින 100ක කාලයක දී විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, යහපාලනය ඇති කිරීම, කොමිෂන් සභා ස්වාධීන කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම හා ජනතාවට කෙටිකාලීන හා දීර්ඝකාලීන සුභසාධන කටයුතු සිදු කිරීම ඇතුළු අංශ ගණනාවක් මෙම පොදු ගිවිසුමට කේන්ද්‍රීය වී ඇති බව පොදු විපක්ෂයේ ආරංචි මගින් වාර්තා වී ඇති බවයි.

ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ලබන සතිය මුල් දින කිහිපය තුළ දී සිදුකිරීමට නියමිත බවත් බොහෝ දුරට සඳුදා දිනයේ විය හැකි බවත් එම පුවත්පත වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>