මෛත්රීගේ රැස්වීමකට ප්රහාරයක්
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී්රපාල සිරිසේන මහතා සහභාගි වූ පැල්මඩුල්ලේ පැවති රැළියකට මීට නොබෝ වේලාවකට පෙර ගල්මුල් ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෛතී්රපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස අමතා කළ කතාව අවසන්වීමත් සමග මෙම ප්රහාරය එල්ල වී ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.
එම ප්රහාරයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. මෛත්රීපාල සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටත්කර තිබෙන බවත් වාර්තාවෙයි.
සිද්ධිය දුටුවෙක් ලංකාදීප පුවත් සේවයට සිද්ධිය මෙසේ විස්තර කළේය.
‘මෛත්රීපාල සිරිසේන මහත්තයා කතාකරන්න පටන් ගත්තා. ටිකවෙලාවක් යනකොට වේදිකාව පිටුපස පැත්තෙන් වේදිකාව දෙසට ගල් ප්රහාරයක් එල්ලවුණා. ඒවා වේදිකාව ඉදිරියේ හිටපු මිනිස්සුගේ ඇඟේ වැදුනා. කිහිප දෙනෙකුට තුවාල වුණා. මහා කලබලයක් ඇතිවුණා. ආරකෂක නිලධාරීන් මෛත්රීපාල සිරිසේන මහත්තයා ඉවතට එක්ක ගියා. පස්සේ රැස්වීමට ආපු මිනිස්සු ගල් ප්රහාරය එල්ලවු ගොඩනැගිල්ල දෙසට ගල් ගහන්න පටන් ගත්තා. එතන මහා කලබලයක්. හිතාගන්න බෑ මොකද වුනේ කියලා. පොලිසිය මැදිහත් වෙලා තත්ත්වය සංසුන් කලා.‘