14 Aug 2015
මෛත්‍රීගේ ලිපියට මහින්ද දුන්න පිළිතුර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ,මැතිවරණ ජනරැළියක් අමතමින්.
කුමන ආකාරයේ ලිපි ලැබුණ ද පාක්ෂිකයන් සිය තීරණය ගෙන අවසන් බව හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එම ලිපිය තමන් නොදුටු බවත් එය ලවු ලෙටර් එකක් හෝ පෙම්වතා ලවු එක කැඩුනට පසුව ලියන එකක් වීමට ද ඉඩ ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පවසා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයෙන් ජයගතහොත් අග්‍රාමාත්‍යධුරය පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීම සඳහා සහයෝගය දක්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අදාළ ලිපිය මගින් ඉල්ලීමක් කර තිබුණි.