මෛත්‍රීගේ වැඩපිළිවෙළට බැංකි මූන්ගේ ප්‍රසාදය

null

රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සියලු ජනතාව අතර සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (04) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව සඳහන් කර ඇති බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

19වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය ප‍්‍රසාදය පළ කර ඇති බැන්කි මුන් මහතා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් දැඩි කැපවීම ද ඇගයීමට ලක්කර තිබේ. 20වන ව්‍යවස්ථා සංශෝධනය ද කඩිනමින් සම්මත කරගනු දැකීම තම අපේක්ෂාව බව මහලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සිය අපේක්ෂාව බවයි. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා තමා සහභාගී වීමට බලාපොරොත්තු වන බවද එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

නව රජයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඒ සඳහා සහභාගි වීමට තමාට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>