මෛත්‍රීගේ සොහොයුරා දරුණු පිහි පහරකින් රෝහලේ

null

වැලි රාජු නමින් ප්‍රකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේනට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.

මේ හේතුවෙන් බරපතල තුවාල ලබා ඔහු පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කර තිබෙන අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමිනි සිටින බව සඳහන්.

වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලි රාජු හෙවත් ප්‍රියන්ත සිරිසේන ගුවන් මගින් කොළඹට ගෙන ඒමට නියමිතව තිබේ.

මේ වන තුරුත් පොලීසිය කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>