මෛත්‍රීට එක්වන්නට ආ මන්ත්‍රී මහින්ද හොදයි කියා නැගිට යයි

null

එක්සත් ජනතා නිදහස් සංධානයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභා මන්ත්‍රී සාවිත්‍ර රමාල් ද සිල්වා මහතා ඊයේ (24) මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට යැයි පවසා පැමිණි මාධ්‍ය හමුවේදී තම තීරණය වෙනස් වූ බව පවසා නැගිට ගොස් තිබේ.

එම මාධ්‍ය හමුව ඊයේ දහවල් තිඹිරිගස්යාය පොදු විපක්ෂයේ මැතිවරණ මෙහයුම් කාර්යාලයේදී සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාගේ ප්‍රමුකත්වයෙන් පැවැත්වුනි.

එහිදී අදාල මන්ත්‍රීවරයා කියා සිටියේ තමා 22 හැවිරිදි වියේදී දේශපාලනයට පැමිණ දැනට අවුරුතු 3ක් වන බවකි. පසුව කියා සිටියේ මෙතැන සිටින අය පලිගැනීමේ දේශපාලනයක් කරන බවත් තමා කිසිසේත්ම මෛත්‍රී පිලට සහය දක්වන්නේ නැති බවත්ය.

“මට ලොකු දේශපාලන දැනුමක් නැහැ. 2005 ජනාධිපති තුමාගෙ දේශපාලනය මම දැක්ක. මම කන්න දුන්න අත හපා කන්නෙ නැහැ. මම මෙතනට ආවෙ මේ පක්ෂයට එකතු වෙන්න. හැබැයි මම දැන් එකතු වෙන්නෙ නෑ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ එවැනි දෙයක් පවසන්න මෙතනට ආවේ ඇයිද යනුවෙනි, එයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ එය කීමට සුදුසුම තැන මෙතැන නිසාත් සියලූම නාලිකා පැමිණ ප්‍රසිද්ධ කරන අවස්ථාවක් නිසාත් ඒ ගැන කියන්නට තමා එහි ආ බවකි.

අනතුරුව ඔහු වාඩිවී සිටි පුටුවද පෙරළාගෙන් සභාවෙන් පිටව ගොස් තිබේ. මෙම කතාවට සේනසිංහ මන්ත්‍රීවරයා හෝ කිසිවෙකු බාධා නොකළ අතර ඔහුට තේ එකක්දී සංග්‍රහ කර යවන ලෙසද සේනසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය. තරුණ මන්ත්‍රීවරයා අමතකවී එතන දමා ගිය ලිපියක මෛත්‍රී පිලට සහාය දක්වන්නට හේතුවූ කරුණු ලියා තිඛෙන බවද සේනසිංහ මන්ත්‍රීවරයා පෙන්වා සිටියේය.

එම ලිපිය පහතින්.
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>