මෛත්‍රීට එල්ලවූ ප්‍රහාරය

null

රත්නපුර – පැල්මඩුල්ල ප‍්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය පළ කරමින් ඊයේ (02) පැවති ජන හමුවකට ගල් සහ බෝතල් ප‍්‍රහාරයක් එල්ල විය.

එම අවස්ථාවේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස අමතා කළ කතාව අවසන්වීමත් සමඟ රාත්‍රී 8ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වූ බව වාර්තා වෙයි. අසල තිබු ගොඩනැගිල්ලක සිටි පිරිසක් මෙලෙස ගල්මුල් ප්‍රහාරය එල්ල කර තිබේ.

එහිදී එක් අයෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මේ වන විට මෙම ප්‍රහාරයට සම්බන්ධ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>