මෛත්රීට ඡන්දය දුන්නාට ගෙදරින් එළියට
ජනාධිපතිවරණයේදී මෛත්රිපාල සිරිසේන මහතාට ඡන්දය දීම හේතුවෙන් දරුවන් සමග නිවසින් පිටවීමට සිදුවූ මවක් පිලිබඳ පුවතක් දෙරණ නිව්ස් වාර්තා කරයි.
අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචි ඩබ්ලිව් ශිරෝමි නැමැති තිදරු මවක් වන මැය මෝදර දේවාලය අසළ සුනාමියෙන් හානි වූ නිවසක ජීවත් වෙමින් සිට තිබේ.
සැමියා අතහැර ගොස් සිටීම හේතුවෙන් දරුවන් තිදෙනා සමග අසරණව සිටි ඇය පිළිබඳව අනුකම්පාවෙන් එම ප්රදේශයේම කාන්තාවක් විසින් ඇයට මෙම නිවාස ලබාදී තිබේ.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී තිදරු මව මෛත්රිපාල සිරිසේන මහතාට සහය ලබාදී ඇති අතර නිවෙස් හිමි කාන්තාව සහය ලබාදී තිබෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටයි.
ජනපතිවරණය මෛත්රිපාල සිරිසේන මහතා ජයගැනීමෙන් පසු එයින් උරණවූ නිවෙස් හිමි කාන්තාව පවසා ඇත්තේ මෛත්රීට වැඩ කළා නම් එයාගෙන් නිවසක් ඉල්ලා ගන්නා ලෙසය.
මේ හේතුවෙන් මෙම තිදරු මව දියණිය සහ පුතුන් දෙදෙනා සමග මෝදර දේවාලයේ ස්තෝප්පුවට වී අසරණව සිටින අයුරුය දැකගත හැක.
Mewage moda ganu thamai my3 ta gahanne. Dan my3 awilla ganita arala yay gedara mehekara seweta ekkagena. Rata pawa dunna unta marenna yaddi wathurawath denna narakai