මෛත්‍රීට බැරිනම් රනිල් අතට ගත යුතුයි

null

දැන් රටේ නායකයින් ගොඩාක් සිටින බවත්, එය කොහොල්ලා ගුලියක් වගේ බවත්, මෛත්‍රීට බැරිනම් රනිල් හරි මෙය අතට ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසයි.

ඊයේ (10) බොදුබල සේනා සංවිධානය කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

රටේ තිබුණ ප්‍රශ්න ගැන පමණක් දින 100 වැඩපිළිවෙළ යටතේ ගත වූ කාලයේදී කතා කළ නමුත් සංවර්ධන වැඩකටයුතු නැවතී ඇති බවත්, උන්වහන්සේ සඳහන් කළේය.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි කුරුණෑගලදී හිටපු ජනපතිනියට පිරිසක් හූ හඬ තැබීම ගැන පුරවැසියෝ විදියට කනගාටු විය යුතු බවත්, හිටපු නායකයෙකුට හූ හඬ තියන්න තරම් තත්ත්වයට සමාජය පත්වීම කනගාටුදායක බවත්, ඥානසාර හිමියන් වැඩි දුරටත් පවසා ඇත.

තවද උන්වහන්සේ මෙලෙසේද අදහස් පළකර තිබේ…

‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි. මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්ද සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි. කවුරු හරි හොඳ නායකයෙක් ඕනි. එක්කො රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.’’

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>