05 Jan 2015
මෛත්‍රීට සහය දැක්වීමට පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගනී
අද අළුයම 5.00 ට පමණ කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසළදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙකි.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කරණ අතර ඔහුගේ තත්වය බරපතල බව වාර්තා වේ.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි, තමන් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වීමක් වශයෙන් මෙලෙස ගිනි තබාගන්න බව ගිනි තබාගැනීමට පෙර ඔහු පැවසූ බව එම ස්ථානයේ සිටි පිරිස් පවසා තිබේ.