03 Jan 2015
මෛත්රීට සහය පල කල මන්ත්රීගේ නිවසට වෙඩි
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහය දීම සඳහා එක්වූ මන්ත්රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්රී 11.50ට පමණ එම වෙඩි ප්රහාරය එල්ල වී ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ වෙඩරුව මහතා නිවසේ සිට නොමැති බව පොලිසිය සඳහන් කරයි.
කෙසේවෙතත් ඔහුගේ නිවසේ මුරකරුට එහිදී වෙඩි වැදී ඇති අතර ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
මෙය දේශපාලන හේතුවෙක් මත සිදු වූයේ ද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.