මෛත්‍රීට සැකසූ ආවරණය ගලවාගෙන යයි

null

පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රථම ජනරැළිය පොළොන්නරුව – කදුරුවෙල නගරයේදී අද (30) පැවැත්වීමට නියමිතය. ජනරැළියට පෙර ඔහුට සෙත් පැතීමට වැඩමවන 500ක් වූ මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිකළ ආවරණය ඊයේ (29) පස්වරුවේ හදිසියේම ගලවාගෙන ගොස් ඇති බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

පොළොන්නරුව ඓතිහාසික වටදාගෙය අභියසදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනට මහා සංඝරත්නයේ ආශීර්වාදය උදෙසා පිරිත් සඡ්ඡායනා කිරීමට කටයුතු යොදා තිබේ.

ඊට සකස් කල ආවරණය මෙලෙස හදිසියේම ඉවත් කරගෙන ගොස් තිබුණි.

මේ පිළිබඳව පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමක් ප්‍රකාශ කර ඇත්තේ ඊට ආවරණය ලබාදුන් ආයතනයේ නියෝගයක් මත ආවරණය ගලවාගෙන ගිය බවය.

කෙසේ වෙතත් ආවරණය නොමැතිව වුව ද උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වන අතර එහිදී 500 නමකට දහවල් දානය පිරි නැමීමටද නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>