මෛත්‍රීපාලගෙන් ස්වාධීන රුපවාහිනියට එන්තර වාසියක්

null

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමයට හා මැතිවරණ ව්‍යාපාරයට සිදුවූ බලපෑම් මත පදනම් ව ස්වාධීන රූපවාහිනියට, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ප්‍රවෘත්ති සුදර්මන් රදලියගොඩ මහතාට රුපියල් මිලියන 1000ක සාධාරණ තක්සේරුවක් යටතේ එන්තරවාසි යවා තිබෙන බව නිව්ස් ෆස්ට් වාර්තා කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමත් සමග රජයේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල පුවත් කිහිපයක් දක්නට ලැබුණි. ඒ අතර මෛත්‍රිපාල මහතා තම පුතු මර දැමූ බව කියන මවක්, තම මව සිර කරගෙන සිටින බව කියන දරුවෙක් සහ තම බිරිඳ සමග මෛත්‍රිපාල මහතාගේ අනියම් සම්බන්ධයක් ඇති බව කියන සැමියෙකුගේ වීඩියෝ දර්ශන තිබේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ස්වාධීන රුපවාහිනියේ ඉකුත් 30 සහ 31 දෙ‍දින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කීර්තිනාමයට හානි වන අයුරින් රාත්‍රී 7 සිංහල ප්‍රවෘත්ති විකාශය කර ඇති බව ය.

ඉකුත් 30 වන දා රාත්‍රී 7ට විකාශය වූ ප්‍රවෘත්තියට අනුව “යහපාලනය ගැන කතා කරන විපක්ෂයේ සිරිසේන මහතාගේ යසපාලන ජීවිතයේ අනියම් සබඳතා ගැනත් තොරතුරු හෙළිදරව් වේ” යනුවෙන් නිවේදකයා පවසා ඇතැයි එම නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව නීතිඥ නිමල් රාජපක්ෂ මහතා එකී එන්තරවාසිය යවා ඇති අතර එන්තරවාසිය යොමු කළ 16 දෙනා අදාළ රුපියල් මිලියන 1000ක මුදල එක්ව හෝ වෙන් වෙන් වශයෙන් අද සිට දින 14ක් ඇතුළත ගෙවිය යුතු යැයි දන්වා ඇති බව ද නිවේදනයේ දැක්වේ.

නිව්ස් ෆස්ට් වැඩි දුරටත් සඳහන් කරන්නේ ඊට අපොහොසත් වුවහොත් එම මුදල ත්, ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු අය කර ගැනීම සඳහා නඩු පවරන්නේ යැයි නීතිඥවරයා අවධාරණය කර ඇති බවයි.

මෙයට අදාල දර්ශන පහත වීඩියෝ වල දැක්වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>