මෛත්‍රී අගමැති පුටුවට ගෙන්න රාජිත සැරසෙයි

null

විධායක බලතල අහෝසි කිරීමෙන් පසුව ජනපතිකමින් වැඩක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසා ඇත.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි ඔහු සඳහන් කර ඇත්තේ විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු බවයි.

“විධායක බලය නැති කළහොත් ජනපතිකමින් වැඩක් නෑ එතකොට ජනාධිපති නාමික ජනපතිවරයෙක් පමණක් වෙනවා. අපට මෛත්‍රිපාල සිරිසේනගෙන් මීට වඩා වැඩක් ගත හැකියි. එතුමාට ඡන්දය දුන් ලක්ෂ 62 ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැතියි. විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කරන එක හොඳ යයි මම හිතනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

පසුගිය ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කොන්දේසිය මතය. ජනපති පදවියේ දිවුරුම් දෙමින් ඔහු පැවසූයේ දින 100 ඇතුළතදී ජනපති ක්‍රමය අවසන් කරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>