24 Nov 2014
මෛත්රී ‘‘අපේ ජාතික පෙරමුණෙන්’’
ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන මෛත්රීපාල සිරිසේන මහතා ‘අපේ ජාතික පෙරමුණ’ දේශපාලන පක්ෂය යටතේ තරඟ කිරීමට සූදානම් බවට හිරු නිව්ස් වාර්තා කරයි.
‘අපේ ජාතික පෙරමුණ’ දේශපාලන පක්ෂයේ සලකුණ වන්නේ ‘දුරකථනය’ යයි.
‘අපේ ජාතික පෙරමුණ’ (Our National Front) දේශපාලන පක්ෂයක් ලෙස 2009 වසරේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී පවතින පක්ෂයක් වන අතර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස මංගල සමරවීර මහතාත් පක්ෂයේ ලේකම්වරයා ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් යන මහත්වරු කටයුතු කරමින් සිට ඇත. පසුගියදා ඔහු එම ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව මෙතෙක් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට නිල වශයෙන් දැනුම්දී නොමැති බවද එම පුවත් සේවය වාර්තා කරයි.