මෛත්‍රී ඉවත්වීමෙන් ආණ්ඩුවට කෝටි 100ක් පාඩුයි

null

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත්වීම නිසා ආණ්ඩුවට රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුවී ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) කොළඹදී පොදු අපේක්ෂකයාට සහාය පළ කරමින් පුරවැසිබලය සංවිධානය කළ ඒකාබද්ධ ජන රැළියකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහි වූ හේතුවෙන් තමන් වෙනුවෙන් මුද්‍රණය කළ මඩ පෝස්ටර වෙනුවට අලුතෙන් නිර්මාණය කරන්න වන බවත්, තමන් වෙනුවෙන් බටලන්ද නමින් චිත්‍රපටයකුත් නිර්මාණය කර ඇති බවත්, ඒවායින් ආණ්ඩුවට සිදුවුයේ කෝටි 100ක පමණ පාඩුවක් බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම ජන රැළියට එක්වූ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ සියලූ ජයග‍්‍රහණ ඔවුන්ට ලබාදීම තම අරමුණ බවයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කියා සිටියේ මෙම සටන තනි පුද්ගලයෙකුට එරෙහිව සිදුකරන්නක් නොවන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>