මෛත්‍රී ඝාතනයට පැමිණි බෝම්බකරු නිදහස් වීමෙන් පසු කියන කතාව

null

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ හිටපු එල් ටී ටී ඊ සාමාජික සිවරාජා ජෙනිගන් ඊයේ යාපනය අච්චුවේලි හි පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබේ.

ඒ, වසර 10 කට පසුවයි. දිගු කාලයකට පසුව නිදහස ලබා යාපනයට ගිය ඔහු මුලින්ම ගොඩවැදුනේ යාපනය අච්චුවේලි මුරුගන් කෝවිලටයි.

2006 වසරේ අප්‍රේල් 23 වනදා සිවරාජා ජෙනිගන්, කදුරුවෙල බස් නැවතුම්පොලේදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන්.

එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැලිකන්දේ රැස්වීමකට යන අතරතුර පාපැදියක බෝම්බයක් අටවා ඔහුව ඝාතනය කිරීමටයි සිවරාජා ජෙනිගන් සැළසුම් කර තිබුණි.

ජනාධිපති සමාව හිමි වී නිදහස් වූ සිවරාජා ජෙනිකන් ඊයේ දිනයේ “දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා” පසුගිය දින යාපනයේදී දුම්රියට පැන දිය දිවි නසාගත් සිසුවාගේ නිවසට ගොස් පැමිණි අවස්ථාවේදී අදහස් දැක්වුවේය.

එහිදී සිවරාජා කියා ඇත්තේ තමාව නිදහස් කළා මෙන් බන්ධනාගාරයේ සිටින අනෙකුත් දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන ලෙසයි.

“මම ඉපදෙන්න පෙර සිට මෙරටේ ප්‍රශ්න තිබුණා ඒ නිසා තමයි මට දේශපාලන සිරකරුවෙකු සිදුවිමට සිදුවුණේ. මේ සියලු ප්‍රශ්න වලට වගකිව යුත්තේ දේශපාලඥයින්ම තමයි. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නේ නෑ දේශපාලඥයින් මේවට ඒ දවස්වල සිටම පිළිතුරු සොයලා තිබුණානම්. මේ ජනාධිපතිවරයාගේ කාලයේදී ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න යුතුයි.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>