මෛත්‍රී – මහින්ද ඊයේ රාත්‍රී හදිසියේ හමුවෙලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හදිසි හමුවක් ඊයේ (25) රාත්‍රී සිදුව තිබේ.
කථානායක නිල නිවසේදී එම හමුව සිදුව ඇති අතර එයට වෙනත් කිසිවෙකු සහභාගී වී නොමැත.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේදී ඊයේ රාත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරුන් සදහා සාදයක් සංවිධාන කර තිබේ. රාත්‍රී 9 ට පමණ එහි පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී 9.30 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
ඉන් අනතුරුව කථානායක නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සිදුව තිබේ.
විනාඩි 45කට පමණ පසුව හිටපු ජනපති නැවත අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පැමිණ තිබේ. එහිදී මන්ත්‍රීවරුන් කල විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමන්ට මහා මැතිවරණයට තරඟ නොවදින ලෙසත්, පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණය කිරීම දැන් ප්‍රමාද වැඩි බව හිටපු ජනාධිපති එහිදී ප්‍රකාශ කර තිබේ.