මෛත්‍රී – මහින්ද හමුව සාර්ථකයි

null

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (06) පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

මෙයට දෙපාර්ශවය නියෝජනය කරමින් මැති ඇමතිවරු කිහිප දෙනෙකු සහභාගීව සිටි අතර මෛත්‍රී පාර්ශවය නියෝජනය කරමින් රාජිත සේනාරත්න, එම්කේ.ඩී.එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් පේම්ජයන්ත්, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ද මහින්ද පාර්ශවය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු පහක් කෙරෙහි අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම කරුණු 5 පහතින් දැක්වේ…

  • ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය
  • පළාත් පාලන ආයතන විසුරුවා හැරීම
  • ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම
  • අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම
  • විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලනීකරණය වීම

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>