මෛත්‍රී – රනිල් ඝාතනයට සැලසුම් කළ ෆේස්බුක් ගිණුම්කරු අල්ලන්න නියෝග

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම හා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ෆේස්බුක් ගිණුමක් මඟින් සැළසුම් කළ බව කියන පුද්ගලයකු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19) ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

අන්තර්ජාලයේ පවත්වාගෙන යන “සූමාල් ලක්මන” නැමැති ෆේස්බුක් වෙබ් අඩවියේ ඉකුත් දා වීඩියෝ දර්ශනයක් ඇතුළත් කර ඇති බවත්, එහි උපැස් යුවළක් පැළඳ සිටින දිගු කොණ්ඩයක් හා රැවුලක් සහිත පුද්ගලයකු රථයක් පදවමින් වීඩියෝ ගතකරන දර්ශනයක් තිබූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

එම දර්ශනයේ සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඝාතනය කළ යුතු බවත්, බලයට පත්වූ ශ්‍රී ලංකා රජය ඉවත් කළ යුතු බවත්, පෙර සිටි රාජ්‍ය නායකයින් ඝාතනය කළ ආකාරයට දැනට සිටින ඉහළ නායකයින් දෙපළ ඝාතනය කළ යුතු බවට එම දර්ශනයේ සඳහන්ය.

මේ සඳහා එඩිතර රණවිරුවන්ට ඉදිරිපත් වන ලෙසට ආයාචනයක් ද ගිණුම හරහා සිදුකර ඇති බව පැවසූ රහස් පොලිසිය මෙමඟින් ආරක්ෂක අංශ අයුතු ලෙස පොළඹවා ගැනීමක් සිදුව ඇති බවට අධිකරණයට කරුණු දැක්වීය. අදාළ විමර්ශනයේදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත් බව පවසන රහස් පොලිසිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120, 489 හා 486 වැරදි සිදුකළ බව සඳහන් කළේය.

2013 වර්ෂයේ ජූනි මස 13 සැකකරු මෙරටින් බැහැරව මැලේසියාවට ගොස් ඇති අතර එහි සිට ජනාධිපති, අගමැති ඝාතනය කිරීමට සැලසුම් කිරීම, නිත්‍යානුකුල ජනමතයකින් බලයට පත් රාජ්‍ය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම හා රාජ්‍ය විරෝධී වැරැදි සිදුකළ බව පවසමින් රහස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.‍

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>