මෛත්‍රී ලබාදුන් පත්වීම් අත්හිටුවයි

null

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තමා පොදු අපේක්ෂකයා බව පැවසු දින උදෑසන සෞඛ්‍ය අංශයේ කාර්ය සහායක පත්වීම් ලබා දුන්නේය. එහිදී කල කතාවේදී ඒ මහතා සඳහන් කලේ තමා අතින් ලබාදෙන අවසාන පත්වීම් කිහිපය විය හැකි බවයි.

කෙසේ වෙතත් ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමෙන් පසු ඔහු ලබාදුන් කාර්ය සහායක පත්වීම් දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසා ඇත්තේ මීට සතියකට පමණ පෙර නිසි ක‍්‍රමවේදයෙන් තොරව පත්වීම් ලබාදීම නිසා ඒවා තාවකාලිකව අත්හිට වූ බවයි.

මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින පත්වීම් ලැබුවන් පවසන්නේ තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>