මෛත්‍රී සුද්දන්ට සිංහල දෙසීම ගැන මහින්දට ආඩම්බරයිලු

null

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට තමාට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනපතිවරයා මේබව කියා සිටියේ පසුගිය 14 වැනිදා කොළඹදී පැවති පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමිනි.

සිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීම හේතුවෙන් තමාට එවැනි ආඩම්බරයක් දැනුණු බව ඔහු සඳහන් කර ඇත.

ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළ ද එවැනිදෑ නොසලකා හැරිය යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වන්නේ.

පසුගිය කාලවලදී තමා නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ සමුළුවලදී තමා මුල්වරට සිංහල හා දෙමළ භාෂාවලින් කථා කළ බවත් කී රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයෙන් පසුව ලෝකයේ බලගතු රටවලින් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් මෙරටට යන කලදසාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතු යැයිද සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>