මෛත‍්‍රීගේ ආණ්ඩුවේ අගමැතිවරු 2යි – රනිල්

null

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජය ගතහොත් ඊට පසු පිහිටුවන නව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයාට අමතරව නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කරන බව ද විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඇති කැරෙන සංශෝධන යටතේ නියෝජ්‍ය අගමැති පදවියක් ඇති කරන බව ඔහු පැවසුවේය.

ඊයේ (16) පස්වරුවේ විල්ගමුවේ පැවති ජනරැළියක දී ඔහු මේ බව ප්‍රකාශ කර කළේය.

ජනපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත් වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයට අගමැතිකමද, ඊළඟට ආසන හිමිකරගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැති පදවියද පිරිනැමීමට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කල බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>