මෛත‍්‍රී එජාපය රැවැට්ටුවා – තිස්ස

null

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රවටා ඇතැයි එහි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ (10) බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති සන්ධාන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ විපක්ෂයට ගෙන එන බවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා බොරු පොරොන්දුවක් දුන් බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේදී සහය ලබාගැනීමට මෛත‍්‍රීපාල මහතා විවිධ පක්ෂ සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම භයානක බවද, ඔහුගේ සන්ධානය ජයග‍්‍රහණය කරන සන්ධානයක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදා (08) සිය එජාප මහලේකම් ධූරයෙන් ඉවත්වී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට එක්වුනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>