29 Jun 2015
මොරටුවේ තිබී නිරුවත් මළ සිරුරක් හමුවේ
ගාලු පාරේ, මොරටුව ප්‍රදේශයේ මාර්ගය අසල බරපතළ තුවාල සහිතව වැටී මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් අද අලුයම එම ස්ථානයට ගොස් අදාළ මළ සිරුර සොයා ගෙන ඇති බව ය.
මියගිය පුද්ගලයාගේ හිසෙහි සහ ශරීරයේ ඇතැම් ස්ථානවල තැලීම් දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම මරණය රිය අනතුරකින් සිදුවූ බවට සැකකළ නොහැකි බව පොලීසිය සඳහන් කරන අතර මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නැහැ.