මොහාන් පිරිස් ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

null

අගවිනිසුුරු ධුරයේ මෙතෙක් කටයුතු කළ මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලූ විවාදය අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිම සහ හිටපු අගවිනිසුරු ශිරාන් බණ්ඩාරනායක මහත්මිය යළිත් එම තතතුරට පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින ලදී.

පසුගිය සිකුරාදා දිනයේම අදාළ විවාදය ඉල්ලා සිටියද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊට එකඟතාවක් නොදැක්වීම නිසා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක චමල් රාජපක්ෂගෙන් ඊට අදාළව කළ ඉල්ලීමකට අනුව අද එම විවාදය පැවැත්වේ.

ඒ අනුව අද දිනයේ දී විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති අතර පස්වරු 2.00 ට මේ පිළිබද විවාදය ආරම්භ වීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>