මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ තීන්දුව 27

null

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියේ නඩු තීන්දුව නොවැම්බර් මස 27 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය විසින් දැනුම් දී තිබේ.

අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී නඩු කටයුතු අවසන්වී ඇති බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කළ හැකි බව අධිකරණයේ තීරණය වී ඇත.

එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

කෙසේ නමුත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව ඔවුන් පෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ලිඛිතව කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.

ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා අටක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>