මෝඩි හමුවීමට බලාපොරොත්තු වනවා

null

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14) හමුවීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබේ.

ඒ ඊයේ කොළඹ ජාතික කලාභවනේ පැවති චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් නැරඹීමට එක්වුණු අවස්ථාවේදීයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ කි‍්‍රයාත්මක ආණ්ඩුවට තමන් කිසිදු චෝදනාවක් එල්ල නොකරන බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ අතර “ද හින්දු“ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “රෝ“ රහස් ඔත්තු සේවය තමාට එරෙහිව විපක්ෂය සංවිධානය කළ බවත්, කෙසේ වෙතත් “රෝ“ ඔත්තු සේවයේ එම ක්‍රියාවන්හි වගකීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා භාරගත යුතු බවට තමා ප්‍රකාශ නොකරන බවත් ය.

තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බව කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවත්, මෙම අවස්ථාවේ තමා විවේකීව කල් ගත කරන බවත්, හිටපු ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>