මෝඩ පුතා කිව්වා නිසා එවැන්නක් කළා

null

කොළඹ රාත‍්‍රි සමාජශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (24) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී එම නඩුව මේ මස 27 වැනිදා යළි කැඳවීමට තීරණය කර තිබේ. මාලක සිල්වා අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා ඇත.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිනියට දැඩිව බැනවැදුණු අවස්ථා තිබෙන බව මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර ඇති අතර ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමාට මෝඩ පුතා යැයි ඇය සඳහන් කිරීම නිසා පියා එවැන්නක් සිදුකළ බවයි.

ඔබතුමා දේශපාලනයට එනවා කියලා ආරංචියි ?

අනිවාර්යයෙන් කරනවා.

කොයි පක්ෂයෙන්ද ?

මට නොමිනේෂන් දෙන ඕන පක්ෂයකින් ඉල්ලනවා

මට කියන්න තියෙන්නේ මේකයි. මම මෙතන මේ නයිට් ක්ලබ්වල ඇප කොන්දේසි ඇප කොන්දේසි අයින් කරන්න කියලා ආවේ නැහැ මෙතනට. මං මෙතනට ආවේ මට මේ ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් මට ලංකාවේ ජීවත් වෙන්න බැරි විදිහට තමයි මේ ඇප කොන්දේසි සමහර ඒවා දාලා තියෙන්නේ. ඉතින් ඒවා ලිහිල් කරන්න කියලා තමයි මම මෙතනට ආවේ. ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා මට සුද්ද ගැහුවා කියලා නහය කැඩෙන්න.

මම අහන්නේ මගේ නහය කැඩුණානම් එතකොට ඒක ඇවිල්ලා බරපතල තුවාලනේ. ඉතින් බරපතල තුවාල වෙච්ච මම ඇතුළට ගිහින් මාසයක්. ඒ මනුස්සයා තාම එක දවසක්වත් ඇයි ඇතුළට දැම්මේ නැත්තේ. මම වෙනදා වැරදි කරලා ඇති. මේ අන්තිම වැරැද්ද මගේ වැරැද්දක් නෙමෙයි. මෙන්න බලන්න මගේ නහය හතර පස් සැරයක් කැඩිලා තියෙනවා. මේවා නිකන් රබර් වගේ. මට ආයි ගුටි කන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සුද්දා ගැහුවේ මම අනිත් පැත්ත බලන් ඉද්දී. ඒකයි ප්‍රශ්නෙ වුණේ. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම ඇතුළට ගියා. මේ ගහපු සුද්දා තව එළියේ. තාම ඇතුළට ගත්තේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>