යකඩ රංගට වෙඩි

null

පෑලියගොඩ, නුගේපාර හංදියේදී සිදුවූ වෙඩිතැබීමකින් තුවාල සිදුවූ ‘යකඩ රංග’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඊයේ උදැසන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් තිබේ. ඔවුන් ත්‍රී රෝද රථයක නැඟී පලාගිය බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 34 හැවිරිදි යකඩ රංග හෙවත් ගංගානාත් විශ්මිත නමැත්තෙකි.

ඔහුද අවස්ථා කිහිපයකදීම යම් යම් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අයෙකු බවද වැද බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>