යකදුරාගේ තැඹිලි වතුර බී පියා සහ දියණිය මරුට

null

පුත්තලම – අට්ටවිල්ලූව ප්‍රදේශයේ යකදුරෙකු විසින් ලබාදුන් තැඹිලි වතුර පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ පියෙකු සහ දියණියක මියගොස් තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ සීදූව – බණ්ඩාරවත්ත – රාජපක්ෂපුර පදිංචි 40 හැවිරිදි දියණිය සහ 60 හැවිරිදි පියා ය.

ඔවුන් දෙදෙනා ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපල උපද්‍රව පහකර ගැනීම සඳහා සහ නිරෝගී සුවය පතා අදාළ යකදුරා පැවැත්වූ ශාන්ති කර්මයකට පෙරේදා සහභාගී වී තිබේ.

එහිදී ලබාදුන් තැඹිලි වතුර පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ පියා සහ දියණිය හලාවත මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ පියා සහ දියණිය කළක පටන් ඇදුම රෝගී තත්ත්වයෙන් පෙලූනු අය බවයි.

කෙසේ වෙතත් දියණියගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ සෙම සිරවීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ජීවිතක්ෂයට පත්වූ පියාගේ මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>